සෙල්ලම් ලොවේ විසිතුරු මවන Toy Story
Thursday, 27 June 2019 - 11:30 | Views - 1,071
බෝනික්කන්, සෙල්ලම් කාර්, සුරතල් සතුන්ගේ හැඩ ගත් විවිධාකාර සෙල්ලම් බඩු ළමා ලෝකය විසිතුරු කරයි. විවිධ නම් යෙදමින් පොඩිත්තන් තම සුරංගනා ලෝකය මවා ගන්නේ ද සෙල්ලම් බඩු වටායි. Toy Story චිත්‍රපට පෙළ හොලිවුඩ් සිනමාවට එක් වූයේ ළමා ලොවේ සෙල්ලම් බඩු සතු මානව සංකල්ප ඔස්සේ නිර්මාණය කෙරුණු චිත්‍රපට මාලාවක් ලෙසින්. එහි ප්‍රධාන වූයේ ඇන්ඩි නම් පිරිමි දරුවාගේ සෙල්ලම් බඩුයි. සාමාන්‍යයෙන් අප දකින සෙල්ලම් බඩු අජීවි වුණත් ඇන්ඩි සතු මේ සෙල්ලම් බඩු සජීවි ඒවා වේ. කෙසේ නමුත් මිනිසුන්ට පෙනෙන පරිදි සජීවි හැසිරීම් ඔවුන්ට තහනම් වන අතර මිනිසුන් නොමැති අවස්ථාවලදී මෙම සෙල්ලම් බඩු කුමක් කරන්නේ ද යන්න Toy Story චිත්‍රපට පෙළ ඔස්සේ දැකගත හැකියි.
ඇන්ඩිගේ සෙල්ලම් බඩු අතරේ ඔහුගේ විශේෂ අවධානය දිනා ගන්නේ වූඩි. වූඩි යනු කව්බෝයි බෝනික්කෙකි. උපන් දිනයේදී ඇන්ඩිහට තවත් අලුත් තෑගි රැසක් හිමි වේ. ඒ අතරේ සිටින ගගනගාමියා බස් ලයිට්ඉයර්. තමන් විශ්ව ආරක්ෂකයකු බව සිතා සිටින ඔහුගේ මතය වෙනස් කිරීමට තැත් කරන වූඩි හා බස් ලයිට්ඉයර් අතර නිරතුරුව මත ගැටුම් ඇති වේ. ඇන්ඩිගේ පවුලේ සාමාජිකයන් අලුත් නිවෙසෙක පදිංචියට යාම සමඟින් මේ සෙල්ලම් බඩු මුහුණ දෙන සිදුවීම් 1995 වසරේ තිරගත කෙරුණු Toy Story පළමු චිත්‍රපටයෙන් කියවෙනවා. එය ර්ථඪයචප සමාගම විසින් පරිගණක සජීවිකරණය කළ පළමු චිත්‍රපටය වීමද විශේෂත්වයක්. අමෙරිකානු ඩොලර් මිලියන 30ක පිරිවැයකින් නිම කළ Toy Story පළමු චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 373.6ක ආදායමක් වාර්තා කළා. අනතුරුව 1999, 2010 වසරවලදී Toy Story චිත්‍රපට මාලාවට තවත් චිත්‍රපට ද්විත්වයක් එක් වූයේ වූඩි, බස් ලයිට්ඉයර් ඇතුළු සෙල්ලම් බඩු කල්ලිය මුහුණ දෙන තවත් සිදුවීම් රැසක් සමඟින්.
වයසින් මුහුකුරා ගිය විට සෙල්ලම් බඩුවලින් දුරස් වන ඇන්ඩි විසින් වූඩි ඇතුළු සෙල්ලම් බඩු එකතුව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් වෙත පරිත්‍යාග කරයි. අනතුරුව වූඩි, බස් ලයිට්ඉයර්, ජෙසී ඇතුළු මෙම සෙල්ලම් බඩු තොගය බොනී නම් දැරියට හිමි වන්නේ Toy Story තෙවැනි චිත්‍රපටයේදීයි. වසර නවයකට පසුව යළිත් මේ පිරිස රිදී තිරයට පැමිණෙන්නේ ෆෝකී නම් අලුත් යහළුවකු සමඟින්. බොනී සමඟින් මේ මිතුරු පිරිස විනෝද ගමනක් යන අතරතුර වූඩිහට පැරණි මිතුරියක වන බෝ පීප් හමු වීමත් පැරණි මතක ඔස්සේ එකිනෙකාගේ ජීවිත තේරුම් ගන්නා අයුරුත් Toy Story 4 චිත්‍රපටයේදී දැක බලා ගත හැකියි.
පසුගිය 21 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළ Toy Story 4 චිත්‍රපටයට සුපුරුදු චරිත සමඟින් ටොම් හෑන්ක්ස්, ටිම් ඇලන්, ඇනී පොට්ස්, ජෝන් ක්යුසැක් ඇතුළු පිරිසක් හඬ දායකත්වය ලබා දී තිබේ. ෆෝකී නම් නව චරිතයට හඬ කවන්නේ අමෙරිකානු නළු ටෝනි හේල් විසිනි. කීනු රීව්ස් ද ඩූක් කැබූම් නම් චරිතයට හඬ දායකත්වය ලබා දේ. Toy Story 4 ජෝෂ් ක්ලූනිගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය යි. ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාර ඉහළින් ලද එය ධ්ර්ච්ඡ දර්ශකයේ ලකුණු 9/10ක් වාර්තා කරන අතර රොට්න් ටොමැටෝස් අඩවියේ 98%ක් හිමි වී ඇත. එහි ප්රමුඛ විචාරය පවසන්නේ මෙම චිත්‍රපටය හදවත උණුසුම් කරන විනෝද ජනක සජීවිකරණ චිත්‍රපටයක් බවයි. සිනහවත් කඳුළත් එකවිට දැනුණු සංවේදී කතාවක් මෙහි ඇතුළත් බව විචාරක අදහසයි.
Share This Article