ශහිඩ්ගේ අලුත්ම Kabir Singh චිත්රපටයට වැඩිහිටියන්ට පමණයි සහතිකය ලැබිලා
Tuesday, 18 June 2019 - 16:25 | Views - 992
එළඹෙන සිකුරාදා ඒ කියන්නේ ජුනි 21 තිරගත වෙන්න නියමිතව තිබුණු, සුපිරි බොලිවුඩ් නළු ශහිඩ් කපූර් රංගනයෙන් දායක වන නවතම "Kabir Singh" චිත්රපටයට වැඩිහිටියන්ට පමණයි සහතිකය ලැබිලා තියනවා කියලා තමයි ඔන්න අලුත්ම ආරංචිය.
ජනප්රිය තෙලිඟු චිත්රපටයක් වුන “Arjun Reddy” කතාව ඇසුරින් එහි හින්දි ප්රතිනිර්මාණයක් ලෙස නිර්මාණය වුන මෙම චිත්රපටය Sandeep Reddy Vangaගේ අධ්යක්ෂණයක්. “Arjun Reddy”තෙලිඟු චිත්රපටයටත් මෙම වැඩිහිටියන්ට පමණයි සහතිකය මිට පෙර ලැබී තිබුණු නිසා එම කතා තේමාවම රැගත් මේ Kabir Singh චිත්රපටයට වැඩිහිටියන්ට පමණයි සහතිකය ලැබුණු එක ඒ තරම් අරුම පුදුම දෙයක් නෙමෙයි කියලා තමයි විචාරකයන්නම් කියන්නේ.
ශහිඩ් කපූර් සහ කියාරා අද්වානි තමයි මේ චිත්රපටයේ ප්රධ චරිත රංගනයෙන් දායක වෙන්නේ. ඊට අමතරව තවත් ජනප්රිය බොලිවුඩ් තරු රාශියක් මේ චිත්රපටයට රංගන දායකත්වය ලබා දීලා තියනවා.
කොහොම වුනත් "Kabir Singh" හින්දි චිත්රපටය ලෝකය පුරා බොහෝ ප්රේක්ෂකයන්ගේ ආකර්ෂණයට භාජනය වෙයි කියලා තමයි නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ.
කොහොම වුනත් චිත්රපටයේ එන Dr. Kabir Rajveer Singh කියන ප්රධාන චරිතයට ශහිඩ් බොහොම හොඳ සාධාරණයක් ඉෂ්ට කරලා තියනවා කියලා තමයි පූර්ව ප්රචාරක පටය බලපු ගොඩක් අයනම් කියන්නේ.
Share This Article