පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලට රටේ සංවර්ධනය යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බව ජනපති කියයි
Wednesday, 12 June 2019 - 18:16 | Views - 105
වෛරය සහ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරන සංග්‍රාම හේතුවෙන් රටේ සංවර්ධනය යටපත් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.  

මෙම පෞද්ගලික දේශපාලන අරමුණුවලට රටේ සංවර්ධනය සහ ජනතා අවශ්‍යතා යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. 

,සාරවත් දේශයක වාපි සංග්‍රාමය, එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට අද (12) පස්වරුවේ එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළා. 

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසරය සහ වන සම්පත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් තීන්දු තීරණ රැසකට එළඹුනේ රටේ ජනතාවගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බවයි. 

එම තීන්දු තීරණ පිළිබඳ තමාට පහර දෙමින් අපවාද එල්ල කළ ද වන සම්පත රැක ගැනීමේ වගකීම කිසිවෙකුට බැහැර කළ නොහැකි වගකීමක් බවට පත්ව ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නා.  

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ කෘෂිකර්මාන්තය ගොඩනංවා ගොවියා ශක්තිමත් කිරීමෙන් වන අතර  මෙරට වාපි ක්ෂේත්‍රය සහ කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ හැකි සෑම වගකීමක් ඉටුකරමින් අතීත ශ්‍රී විභූතිය රටට උදාකර දීමට කැපවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක්...
Hiru Tv Blog
Friday, 20 September 2019 - 12:18
Hiru Tv Blog 653 Views
කවුරුත් කැමැතියි ලස්සන වෙන්න. එහෙමයි කියලා...
Hiru Tv Blog
දේශ ගවේෂකයකු වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස්...
Hiru Tv Blog
උසේ ප‍්‍රමාණයට වඩා බර වැඩි වෙන එක අපේ...
Hiru Tv Blog
"ලීවින්ග් නෙවර්ලෑන්ඩ්"( Leaving Neverland) වාර්තාමය චිත්‍රපටයට "එමී" සම්මානය පිරිනැමීමට...
Hiru Tv Blog
කයිලි ජෙනර් කියන්නේ ලෝකයේ සිටින ලාබාලතම බිලියනපතිනියයි. කාලෙන් කාලෙට පුවත්...
Hiru Tv Blog
Vogue Japan සඟරාවේ 20 වැනි සංවත්සරය මිලාන් නුවර පවත්වා තිබෙනවා . එම උත්සවය සදහා ජනප්‍රිය...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 4,820 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top