28 හැවිරිදි ගුරුවරියක් පාසලේ සිසුවකුට ලිංගික අපයෝජනයක් කරලා
Wednesday, 12 June 2019 - 16:07 | Views - 581
ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයේ Brittany Zamora නම් වූ 28 හැවිරිදි ගුරුවරියක් සිය පාසලේ 13 හැවිරිදි සිසුවකුට ලිංගික අපයෝජනය කල සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
 
සිසුවාගේ හැසිරීම සම්බන්දයෙන් ඇතිවූ සැකයක් නිසා දෙමව්පියන් විසින් රහසිගතව App එකක් යොදාගනිමින් සිසුවාගේ ජංගම දුරකථනයේ ඇති කෙටි පණිව්ඩ ගැන සොයා බැලීමේදී මෙසේ ගුරුවරිය සහ සිසුවා අතර ලිංගික සබඳතා පැවැත්වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.

මෙසේ සිසුවා ලිංගිකව අපයෝජනය කර ඇත්තේ ගුරුවරියගේ මෝටර් රථයේදී සහ පංති කාමරයේදී බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. පංති කාමරයේදී සිසුවා අපයෝජනය කරන අවස්ථාවකදී ඔහුගේ මිතුරෙකුද සිටි බවටද තොරතුරු හෙළි වී තිබෙනවා.

මෙලෙස සිසුවා සහ ගුරුවරිය හුවමාරු කර ගත් කෙටි පණිවිඩ සහ ලිපි කිහිපයක්ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ අතර ඒවායේද ලිංගික කටයුතු පිලිබඳව යම් ‍යම් දේවල් ලියැවී තිබෙනවා.

මෙම කෙටි පණිවිඩ දැකීමෙන් පසු සිසුවාගේ දෙමව්පියන් ඒ පිලිබඳව විමසද්දී සිසුවා පවසා ඇත්තේ ඔහු තම ගුරුවරිය සමග කෙටි පණිවිඩ හුවමාරු කරගත් බවත් ඔවුන් දෙදෙනා ලිංගික ක්‍රියාවන්වල නිරත වූ බවයි.

එමෙන්ම මෙකී ගුරුවරියද පවසා ඇත්තේ සිසුවාට නිතරම තමන් සමග ලිංගිකව එක් වීමට අවශ්‍ය වු බවත් ඔහු ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සූදානම්ව සිටි බවයි.

එමෙන්නම් මේ ගුරුවරිය විවාහක කාන්තාවක් වන අතර ඇයට එරෙහිව චෝදනා පිළිබඳව සොයා බැලු අධිකරණය ඇය වැරදිකාරිනියක් බවට නිගමනය කර තිබෙනවා.මේ අනුව ඇයට සිරදඬුවම් නියම වන බවයි වාර්තා වන්නේ.



Share This Article
Hiru Tv Blog
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා...
Hiru Tv Blog
* වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 12:42
Hiru Tv Blog 794 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 10:06
Hiru Tv Blog 1,793 Views
‘‘‍ඩොක්ටර් අද උදේ නැගිටපු වෙලාවෙ ඉඳල...
Hiru Tv Blog
Wednesday, 12 June 2019 - 10:18
Hiru Tv Blog 609 Views
 අද ලෝකයට මහත් තර්ජනයක්ව පවතින සංක‍්‍රමණික...
Hiru Tv Blog
පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන්...
Hiru Tv Blog
පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී...
Hiru Tv Blog
සුපිරි දමිල සිනමා නළු සුර්යාගේ අලුත්ම දමිල චිත්‍රපටය වූ ‘NGK’ චිත්‍රපටය මේ...
Hiru Tv Blog
ලෝක ප්‍රසිද්ධ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක...
Hiru Tv Blog
5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්...
Hiru Tv Blog
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම...
Top