දරුවා ප්‍රසූත කර මිනිත්තු තිහකට පසු, රෝහලේ සිටියදීම විභාගය ලියු දැරිය
Wednesday, 12 June 2019 - 13:16 | Views - 65,554

ඉතියෝපියා තරුණියක්, ඇගේ දරු ප්‍රසූතියෙන් මිනිත්තු තිහකට පසු, රෝහලේ සිටියදීම විභාගයකට පෙනී සිටි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

21 හැවිරිදි, අල්මාස් දිරේස් නමැති එම තරුණිය පෙනී සිට ඇත්තේ වාර්ෂිකව පැවැත්වෙන ද්විතීක පාසල් විභාගයටය. ඇය එම වසරේ මෙම විභාගයට පෙනී නොසිටියා නම්, තවත් වසරක් බලා සිටීමට සිදුවනු ඇතැයි ද පැවැසෙයි. අල්මාස් දිරේස් බටහිර ඉතියෝපියාවේ ඔරෝමියා පළාතේ තරුණියකි. ඉතියෝපියාව යනු අප්‍රිකාවට අයත් දිළිඳු රාජ්‍යයකි.

ගණිතය, ඉංග්‍රීසි, අම්හාරික් නමැති ඉතියෝපියා භාෂාව යන විෂයයන්ට අදාල පත්‍ර තුනකට අල්මාස් දිරේස් පිළිතුරු දුන්නේ අධ්‍යාපන සහ රෝහල් බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රෝහල් ඇඳේ සිටය.

අල්මාස් දිරේස් තරුණ මව මෙන්ම ඇගේ බිලිඳා ද හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් වෛද්‍යවරු පවසති. ද්විතීක පාසල් විභාගයේ තවත් විෂයයන් සතරකට ද අල්මාස් දිරේස් පෙනී සිටීමට නියමිත බව ඉතියෝපියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඔරීමාමිදීය (බී.බී.සී.)

Share This Article
Hiru Tv Blog
විටමින් C අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්....
Hiru Tv Blog
Monday, 16 September 2019 - 9:41
Hiru Tv Blog 396 Views
අද කාලයේ බොහෝ තරුණ තරුණියන් අතර ‘සුදු’...
Hiru Tv Blog
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ...
Hiru Tv Blog
හිසකෙස් වැටීම, වියළි හිස්කබලක් හිමිවීම...
Hiru Tv Blog
රැකියාවට, පාසලට කඩිමුඩියේ පිටත්වන නිසා...
Hiru Tv Blog
බොලිවුඩයේ සුපිරි තරු ෂහිඩ් කපූර් දක්ෂ නළුවෙක් වගේම ආදරණිය පියෙක් සැමියෙක් ලෙස...
Hiru Tv Blog
දමිතා අබේරත්න කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රය විවිධ චරිතවලින් පෝෂණය කරන්න වෙහෙස...
Hiru Tv Blog
2015 වසරේදී නිල් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වූ මියා කලිෆා මේ වසරේ මුල් භාගයේදී...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 4,602 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top