සිරුරේ අඳුරු පැහැය දුරලා ගත පැහැපත් කරන සත්කාර
Friday, 07 June 2019 - 12:40 | Views - 1,729
බොහෝ දෙනාගේ බෙල්ල, වැලමිට, දණහිස සහ කිහිල්ල වැනි පෙදෙස් ශරීරයේ අනෙකුත් ස්ථානවලට වඩා තරමක් කළු පැහැ ගැන්වී තිබෙන අයුරු දක්නට ලැබෙනවා. මෙවැනි ස්ථාන අඳුරු වී කළු පැහැවී තිබෙන විට කාන්තාවකගේ සුන්දරත්වය මෙන්ම පෞරුෂත්වයද හීන වනවා. කෙතරම් සුන්දර යුවතියක වුවත් මෙම ස්ථාන කළු පැහැගැන්වී තිබෙනවා නම් ඔබ අන්‍යයන් ඉදිරියේ අපහසුතාවටද පත්වෙනවා. බෙල්ල, වැලමිට, දණහිස්, කිහිල්ල වැනි පෙදෙස් කළු පැහැගැන්වීමට බලපාන හේතු රැසක්ම පෙන්වාදිය හැකියි.

රෝග තත්ත්වයන්

ශරීර අභ්‍යන්තරයේ තිබෙන රෝග හෝ සම මත ඇතිවන ආසාදන හේතුවෙන් මෙවැනි අවපැහැගැන්වීම් ඇති වීමට ඉඩ තිබෙනවා. උපතින්ම පරම්පරානුගතව පවතින යම් යම් ජානමය වෙනස්කම් නිසාද මෙම තත්ත්වය ඇති වනවා. මෙහිදී ඔබ කළ යුත්තේ නිවෙසේ සත්කාර කිරීම වෙනුවට වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමයි.

හෝර්මෝන වෙනස් වීම

ගර්භණී සමයේදී බොහෝ කාන්තාවන්ගේ බෙල්ල සහ ශරීරයේ ඇතැම් ස්ථාන කළු පැහැගැන්වෙනවා. එසේ සිදුවන්නේ එම සමයේදී සිදුවන හෝර්මෝන වෙනස් වීම හේතුකොටගෙනයි. මෙම තත්ත්වය බොහෝ විට ගැබිනි සමයෙන් පසු ඉවත්ව යන අතර දිගින් දිගටම ශරීරය අවපැහැගැන්වී තිබෙන්නේ නම් ප්‍රතිකාර වෙත යොමු විය යුතු වෙනවා.

අනවශ්‍ය රෝම ඉවත් කිරීමට රේසර් යොදා ගැනීම

රෝම ඉවත් කිරීමේදී රේසර් භාවිත කිරීම හේතුවෙන් සම රළු වී අවපැහැගැන්වෙනවා. රෝම කූපයේ උඩ කෙටස කැපී ගියත් රේසරයේ ඇති බැක්ටීරියා හෝ බාහිර බැක්ටීරියා රෝම කූපය තුළ රැඳී ආසාදනයන් ඇති වෙනවා.

ශරීරයට තද ඇඳුම් ඇඳීම

ශරීරයට තද ඇඳුම් ඇඳීම නිසා ශරීරයේ යම් යම් ස්ථාන නිතර තද වනවා. එවිට එම ස්ථානයේ රුධිර සංසරණය ක්‍රමානුකූලව සිදුනොවන නිසා එම ස්ථාන අවපැහැගැන්වෙනවා.

සැර ඔෟෂධ

ඇතැම් රෝග සඳහා ලබාගන්නා සැර ඔෟෂධ හේතුවෙන් ශරීරයේ යම් යම් ස්ථාන කළුපැහැ වෙනවා.

ඩියෝඩරන්ට්, සුවඳවිලවුන්, විවිධ ආලේපන වැනි දෑ භාවිතය

ශරීරයට සැර සුවඳ විලවුන් සහ ඩියෝඩ්රන්ට් දිගුකාලීනව භාවිත කිරීම නිසා සම කළු පැහැගැන්වීමට ඉඩතිබෙනවා. එසේම අහිතකර රසායනික සංයෝග අඩංගු ආලේපන භාවිතයද එයට හේතු වනවා.

ඉහත සඳහන් කළ හේතු සාධක පිළිබඳව ඔබගේ අවධානය යොමුකර එම ස්ථාන අවපැහැගැන්වීම හැකිතාක් අවම කරගැනීමට උත්සාහ කළ යුතුයි. එසේම බෙල්ල, කිහිලි පෙදෙස, වැලමිට, දණහිස, වැනි ප්‍රදේශ අවපැහැගැන්වී තිබෙනවා නම් නිවසේදී කරගත හැකි ස්වාභාවික සත්කාර කිහිපයක් පිළිබඳවත් අප අවධානය යොමු කරමු.

අර්තාපල් අලයක් ගෙන යුෂ වෙන් කර අවපැහැගැන්වී තිබෙන ස්ථානයේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

පිපිඤ්ඤා යුෂ, කහ, ලෙමන් යුෂ මිශ්‍ර කර ආලේප කොට විනාඩි 20ක් තබා සෝදා හරින්න.

‍ෙදාඩම් ලෙලි කුඩු කර එයට සීනි හා ජලය මිශ්‍ර කර දුර්වර්ණ වූ ස්ථාන ස්ක්‍රබ් කරන්න

වෙනිවැල්ගැට කුඩු, වැල්මදට, මී පැණි, ඔලිව් තෙල් මිශ්‍ර කර පැක් එකක් සාදා ආලේප කර විනාඩි 20ක් පමණ තබන්න.

සුදු හඳුන් රෝස වතුර සමඟ මිශ්‍රකර ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සෝදාහරින්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි


Share This Article
Hiru Tv Blog
ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක්...
Hiru Tv Blog
Friday, 20 September 2019 - 12:18
Hiru Tv Blog 653 Views
කවුරුත් කැමැතියි ලස්සන වෙන්න. එහෙමයි කියලා...
Hiru Tv Blog
දේශ ගවේෂකයකු වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස්...
Hiru Tv Blog
උසේ ප‍්‍රමාණයට වඩා බර වැඩි වෙන එක අපේ...
Hiru Tv Blog
"ලීවින්ග් නෙවර්ලෑන්ඩ්"( Leaving Neverland) වාර්තාමය චිත්‍රපටයට "එමී" සම්මානය පිරිනැමීමට...
Hiru Tv Blog
කයිලි ජෙනර් කියන්නේ ලෝකයේ සිටින ලාබාලතම බිලියනපතිනියයි. කාලෙන් කාලෙට පුවත්...
Hiru Tv Blog
Vogue Japan සඟරාවේ 20 වැනි සංවත්සරය මිලාන් නුවර පවත්වා තිබෙනවා . එම උත්සවය සදහා ජනප්‍රිය...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 4,821 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top