ඉන්දියවේ මෑතකදී ආරම්භ කළ Emflux Motors සමාගම 2018දී තම ප්‍රථම ඉලෙක්ට්‍රොනික යතුරුපැදිය Emflux One ලෙසට EICMA රථවාහන ප්‍රදර්ශනයට එක්කළා. එසේ එක්කළ Emflux One මූලාකෘතිය මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කිරීම අබියස සිටින අතර මෙම යතුරුපැදිය අශ්වබල 82ක ඉලෙක්ට්‍රොනික මෝටරයකින් සහ විනාඩි 40ක් තුළ සම්පූර්ණයෙන් ආරෝපණය වන සැම්සන් ලිතියම් බැටරියකින් බල ගැන්වී තිබෙනවා. තත්පර 3කින් පැයට කිලෝමීටර් 100 වේගය අභිබවා යන මෙම යතුරුපැදිය පැයට කිලෝමීටර් 200ක උපරිම වේගයක් ලබාගන්නා අතරම එක ආරෝපණයකින් කිලෝමීටර් 200ක දුරක් ධාවනය කිරීමට ඉඩ සලසා දෙනවා.
මෙහි ඇති තවත් සුවිශේෂිතා ලෙසට ලොව සුපතල බේරම්බෝ සන්නාමයෙන් එන Brembo Monobloc තිරිංග පද්ධතිය, අධි තාක්ෂණික Dual Channel ABS, ලොව ප්රමුඛ පෙළේ ඉභඵනඥදඵඪධද නිපැයුම්කරුවකු වන ර්ණීඩඪතඪදඵ සන්නාමය යටතේ එන 43mm USD Forks සහ පසුපස Monoshock, Trellis සැකිල්ල, Single Side Swing arm මෙන්ම අඟල් 7ක සම්පූර්ණයෙන් ස්පර්ශ සංවේදී මීටර් පද්ධතිය පෙන්වා දෙන්න පුළුවන්. එමෙන්ම මෙහි මීටර් පද්ධතිය තුළ Bluetooth. GPS Navigation සහ Real Time Motorcycle Diagnose System එකක් අන්තර්ගත වෙනවා. මේ හරහා යතුරුපැදියේ සියලුම තොරතුරු මෝටර් රථයක මෙන් යතුරුපැදි තිරය මත දිස් වෙනවා.
මෙම ඉන්දීය ඉලෙක්ට්‍රොනික් යතුරුපැදිය ඉලෙක්ට්‍රොනික් යතුරුපැදි ලෝකයට බලපෑමක් එල්ල කරනු ඇති බව මේ වනවිටත් බොහෝදෙනාගේ මතය වී තිබෙනවා. (Source page ‘චණ්ඩි’)