200kmph වේගෙන් යන්න පුළුවන් Electric Bike එකක්
Wednesday, 22 May 2019 - 16:04 | Views - 1,626

ඉන්දියවේ මෑතකදී ආරම්භ කළ Emflux Motors  සමාගම 2018දී තම ප්‍රථම ඉලෙක්ට්‍රොනික යතුරුපැදිය Emflux One ලෙසට EICMA රථවාහන ප්‍රදර්ශනයට එක්කළා. එසේ එක්කළ  Emflux One මූලාකෘතිය මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කිරීම අබියස සිටින අතර මෙම යතුරුපැදිය අශ්වබල 82ක ඉලෙක්ට්‍රොනික මෝටරයකින් සහ විනාඩි 40ක් තුළ සම්පූර්ණයෙන් ආරෝපණය වන සැම්සන් ලිතියම් බැටරියකින් බල ගැන්වී තිබෙනවා. තත්පර 3කින් පැයට කිලෝමීටර් 100 වේගය අභිබවා යන මෙම යතුරුපැදිය පැයට කිලෝමීටර් 200ක උපරිම වේගයක් ලබාගන්නා අතරම එක ආරෝපණයකින් කිලෝමීටර් 200ක දුරක් ධාවනය කිරීමට ඉඩ සලසා දෙනවා. 

මෙහි ඇති තවත් සුවිශේෂිතා ලෙසට ලොව සුපතල බේ‍රම්බෝ සන්නාමයෙන් එන Brembo Monobloc  තිරිංග පද්ධතිය, අධි තාක්ෂණික Dual Channel ABS,  ලොව ප්‍රමුඛ පෙළේ ඉභඵනඥදඵඪධද නිපැයුම්කරුවකු වන ර්ණීඩඪතඪදඵ සන්නාමය යටතේ එන 43mm USD Forks   සහ පසුපස Monoshock, Trellis සැකිල්ල, Single Side Swing arm මෙන්ම අඟල් 7ක සම්පූර්ණයෙන් ස්පර්ශ සංවේදී මීටර් පද්ධතිය පෙන්වා දෙන්න පුළුවන්. එමෙන්ම මෙහි මීටර් පද්ධතිය තුළ Bluetooth. GPS Navigation  සහ Real Time Motorcycle Diagnose System එකක් අන්තර්ගත වෙනවා. මේ හරහා යතුරුපැදියේ සියලුම තොරතුරු මෝටර් රථයක මෙන් යතුරුපැදි තිරය මත දිස් වෙනවා. 

මෙම ඉන්දීය ඉලෙක්ට්‍රොනික් යතුරුපැදිය ඉලෙක්ට්‍රොනික් යතුරුපැදි ලෝකයට බලපෑමක් එල්ල කරනු ඇති බව මේ වනවිටත් බොහෝදෙනාගේ මතය වී තිබෙනවා. (Source page ‘චණ්ඩි’)

Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top