මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියේදී, මධුමාධව ගමන් ගත් බවට සැක කෙරෙන,වාහනයක් සොයාගනී
Wednesday, 22 May 2019 - 8:50 | Views - 375
ගම්පහ - මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක, මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් ගමන් කළ බවට සැක කෙරෙන මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ මෙම ජීප් රථය  කිරිල්ලවල - වෑබඩ ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයාගෙන ඇති බවයි.

එම රථය අදාළ නිවසේ හිමිකරුගේ බවට මේ වන විට අනාවරණ වී ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මධුමාධව අරවින්දට  4 වන දිනටත් මිනුවන්ගොඩ පොලීසියට පැමිණෙන ලෙස ඊයේ දැනුම් දී තිබූ නමුත් ඔහු පැමිණ තිබුණේ නැහැ.

පසුගිය බ්‍රහස්පතින්දා මධුමාධව අරවින්ද පොලීසියට පැමිණි අතර එහිදී තමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු නොකළ බවයි ඔහු සදහන් කළේ.

අනතුරුව පසුගිය ඉරිදා සහ සඳුදා දිනයේදී පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණත්  එම අවස්ථා දෙකේදී ද ඔහු නොපැමිණි අතර, ඉන් අනතුරුවයි ඊයේ පෙරවරු 10ට පොලීසියට පැමිණෙන ලෙස යළි සිහි කැදවීමක් කර තිබුණේ.  

මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ පසුගිය 13 වන දා රාත්‍රියේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම ප්‍රදේශයේ රැදී සිට ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

ඒ, ඔහුගේ ජංගම දුරකථන වාර්තා සහ ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදීයි.

එමෙන්ම, ඔහු සමඟ එදින ප්‍රදේශයට පැමිණි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ද මේ වන විට අතුරුදන්ව සිටින බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු කියා සිටියේ.

එම ව්‍යාපාරිකයින් කඩවත සහ රාගම පොලිස් බල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකරන බවයි.


Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 642 Views
Top