වැල්ලව 14 හැවිරිදි දැරිය පැහැර ගෙන
Wednesday, 22 May 2019 - 8:17 | Views - 853
වැල්ලව, කිරිඳිවැල්මඩ පදිංචි සකුන්තලා සෙව්වන්දි නමැති 14 හැවිරිදි දැරිය කිසිවෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි ඇගේ මවුපියෝ වැල්ලව පොලිසියට පැමිණිලි කර සිටිති.
පැහැර ගැනීමට ලක්වූ දැරිය 9 ශ්‍රේණියේ ඉගෙනීම කරමින් සිටි බවත් අපේ‍්‍රල් 16 වැනිදා රාති‍්‍ර නින්දට ගොස් පසුදින බලන විට දැරිය අතුරුදන්ව ඇති බවත් දෙමාපියෝ පවසති. ඇය පිළිබඳව ප්‍රදේශය පුරාම සෙව්වත් මේ දක්වා කිසිදු තොරතුරක් ලැබී නැත.
එසේම දැරියගේ 12 හැවිරිදි මිතුරියකගේ පියකු ද මේ සමගම අතුරුදන්ව ඇති බවත් ඔහු දැරිය පැහැරගෙන ඇතැයි සැක කරන බවත් දැරියගේ මවුපියෝ පවසති.
රටේ පවතින කලබලකාරී වාතාවරණයත් අයහපත් ආර්ථික තත්ත්වයත් නිසා දැරිය සොයා ගැනීමට ලතැවෙන දෙමාපියෝ දැරිය පිළිබඳව යම් හෝඩුවාවක් හෝ තොරතුරක් දන්නේ නම් වැල්ලව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ 037-2235101 දුරකථනයට හෝ ළඟම ඇති පොලිසියට දන්වන ලෙස මහජනතාවගෙන් ආයාචනය කර සිටිති.
Share This Article